කර්මාන්ත සංවර්ධනය සඳහා ජාතික ප්‍රතිපත්තියකට කැබිනට් අනුමැතිය

    August, 21, 2019

    දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ වර්ධනය හා පැවැත්ම කෙරෙහි දැනට ක්‍රියාත්මක විවිධ ප්‍රතිපත්තීන් අතර පවතින අනනුකූලතාවන්, අවශ්‍ය තාක්ෂණය හා යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම, නිපුණ මානව සම්පතෙහි අඩු බව, අධික බල ශක්ති පිරිවැය, කර්මාන්ත ආශ්‍රිත පාරිසරික අභියෝග සහ නෛතික පරිසරයේ පවතින අඩුපාඩුකම් අහිතකර ලෙස බලපා ඇති බවට හඳුනාගෙන ඇත.

    එම ගැටලු අවම කරගෙන රටේ සංවර්ධනය කෙරෙහි දායක විය හැකි සාර්ථක කර්මාන්ත උපායමාර්ගයක් සකස් කිරීම ජාතික අවශ්‍යතාවයක් බවට පත් වී ඇත.

    ඒ අනුව, කර්මාන්ත සංවර්ධනය සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම පිණිස, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.