කලාපීය වැවිලි සමාගම් ඵලදායීතාව මත පදනම් වූ සාමූහික ගිවිසුමක අවශ්‍යතාව අවධාරණය කරයි

    August, 24, 2016

    අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණAඩවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහත යෑම, අයහපත් කාළගුණික තත්වයන් හේතුවෙන් වැවිලි භෝගයන්හි අස්වැන්න කෙරෙහි ඇති කර තිඛෙන අහිතකර බලපෑමත්, තේ සහ රබර්භෝගයන්ගේ නිෂAපාදන පිරිවැය ඉහළ යෑම සහ වල් නාශක තහනම් කිරීම වැනි අතාර්කික ප්‍රතිපත්තිමය තීන්දු හේතුකොට ගෙන ප්‍රධාන වශයෙන් තේ සහ රබර් යන වැවිලි භෝග නිෂAපාදකයින්ට දැරීමට සිදුව ඇති දැවැන්ත අලාභය යම් පමණකට හෝ පාලනය කර ගැනීම සඳහා ඇති එකම හා ප්‍රශස්තම විසඳුම වතු සේවකයින් සමග ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් ඇති කරලීමේ සාමූහික ගිවිසුමකට ඇතුලත්වීම බව කලාපීය වැවිලි සමාගම් යළිත් අවධාරණය කරයි.

    ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් ඇති කරලීමේ සාමූහික ගිවිසුමකට ඇතුළත්වීමේ අවශ්‍යතාව මීට පෙර අවස්ථා ගණනාවකදී මතු කළ කලාපීය වැවිලි සමාගම් පෙන්වාදෙන්නේ තේ සහ රබර් කර්මාන්තයේ තිරසාර පැවැත්ම සහ කලාපීය වැවිලි සමාගම් විසින් කළමණාකරණය කරන වතුයායන් ආශ්‍රිතව ජීවත්වන අතිවිශාල වතු සේවක ප්‍රජාවගේ ජීවනෝපායත් වර්තමානයේදී කර්මාන්තය පවතින තත්වය තුළ දැඩි අවදානමක පවතින බවයි. මේ හේතුවෙන් තවදුරටත් මෙම කර්මාන්තය තිරසාරව පවත්වාගෙන යෑම තමන්ට අසීරු වී ඇති බව කලාපීය වැවිලි සමාගම් පවසති.

    දැඩි ආර්ථීක දුෂකරතා මධ්‍යයේ වූවද රජයේ ඉල්ලීමත් වතු සේවකයින්ගේ අභිලාශයන් සඳහා සිදුකළ හැකි උපරිම සලකා බැලීම සිදු කරමින් රජය විසින් ගනු ලැබූ තීරණයකට අනුව රාජ්‍ය බැංකු විසින් තේ මණ්ඩලය හරහා කලාපීය වැවිලි සමාගම් වෙත ලබා දුන් රුපියල් මිලියන 800ක ණය මුදල භාවිතා කරමින් කලාපීය වැවිලි සමාගම් විසින් ජුනි සහ ජූලි මාසය සඳහා රුපියල් 100ක මුදලක් දෛනික අන්තර්වාර දීමනාවක් ලෙස වතුසේවකයින්ට ලබාදීමට කටයුතු කළේය. කලාපීය වැවිලි සමාගම් විසින් මෙම අන්තර්වාර දීමනාව ලබා දීමට පෙර ශ්‍රී ලංකා රජය සහ වතු සේවක වෘත්තීය සමිති සමග ගිවිසුමකට එළැඹෙමින් අන්තර්වාර දීමනාව ජුනි සහ ජූලි යන මාස සඳහා පමණක් ලබා දෙමින් 2016 අගෝස්තු මාසයේ සිට ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් ඇති කරලීමේ සාමූහික ගිවිසුමට අත්සන් තබන බව පාර්ශව තුනම එකඟතාවකට පැමිණෙන ලදි.

    තේ සහ රබර් කර්මාන්තයන් වර්තමානයේ මුහුණදී සිටින මෙම දැවැන්ත අනතුර පැහැදිලිව පෙනෙන්ට තිබියදී කලාපීය වැවිලි සමාගම් විසින් මීට මාස දෙකකට පෙර සේවක වෘත්තීය සමිති සහ රජය සමග එළැඹි ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් ඇති කරලීමේ සාමූහික ගිවිසුමට අත්සන් තැබීම ප්‍රමාද කිරීම හරහා අඛණ්ඩව ලබන දැවැන්ත අලාභය තවදුරටත් තම කොටස් හිමියන් හමුවේ සාධාරනීකරණය කළ නොහැකි බව කලාපීය වැවිලි සමාගම් අවධාරණය කර සිටී. දැනට වසර 150ක් පමණ පැරණි යල්පැන ගිය පැමිණීම මත පදනම්වන වැටුප් ව්‍යුහය මගින් සේවක ඵලදායීතාව නැංවීම සඳහා කිසිදු ලෙසකින් අනුලබයක් ලබා නොදෙන අතර නිෂ්පාදන පිරිවැය ඉහළ යෑම කෙරෙහි දැඩි බලපෑමක්ද සිදු කර ඇත. එබැවින් සේවකයින්ගේ නිෂAපාදනය මත පදනම් වූ වැටුප් ව්‍යුහයක් මගින් සේව්‍ය සේවක දෙපිරිසටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවීමත්, නිෂ්පාදන ධාරීතාව ඉහළ යෑම සහ සේවකයින්ගේ ආදායමේ සැලකිය යුතු ප්‍රගතියක්ද අත් කර ගත හැකි බව කලාපීය වැවිලි සමාගම් විසින් පෙන්වා දෙනු ලබයි.

    එමෙන්ම තේ සහ රබර් වගාව ආශ්‍රිතව ගැටලූ ගණනාවක් නිර්මාණය කර ඇති වල්නාශක පිළිබඳ ප්‍රශ්නය සඳහාද රජයෙන් තමන්ට පිළිගත හැකි විසඳුමක් ලබා දිය යුතු බව පවසයි. විශේෂයෙන්ම වතු ආශ්‍රිතව වල් නාශකයක් ලෙස සැලකෙන ග්ලයිෆොසෙට් තහනම් කිරීමෙන් අනතුරුව ඒ සඳහා ආදේශකයක් ලබා නොදීමෙන් තේ සහ රබර් වගාවන් ආශ්‍රිතව විශාල වශයෙන් වල් බිහිවී ඇති බව ඔවුහු පෙන්වා දෙති. වල්වැවීම වැඩි වී ඇති තත්වයක් තුළ තේ සහ රබර් සඳහා පොහොර භාවිතා කිරීමට නොහැකි වීමෙන් (තේ සහ රබර් සඳහා යොදන පොහොර වල්පැලෑටි මගින් උරා ගනී) තේ සහ රබර් භෝගයන්හි අස්වැන්න අඩුවන බවත් වර්තමානයේදී තේ වතුයායන් ආශ්‍රිතව නිතර අසන්නට ලැඛෙන බඹර ප්‍රහාර මෙහි තවත් අතුරු ඵලයක් බවත් වැවිලි සමාගම් විසින් වැඩිදුරටත් පෙන්වා දෙනු ලැබූහ.
    සමාප්තයි.

    කලාපීය වැවිලි සමාගම් විසින් වතු සේවක වැටුප සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනා

    වතු සේවකයින්ගේ නිෂAපාදන මත පදනම් වෙමින් වැටුප් ව්‍යුහය තීරණය කිරීම සඳහා කලාපීය වැවිලි සමාගම් විසින් යෝජනා ද්විත්වයක් ලබා දී ඇත. ඉන් පළමු යෝජනාවලිය වන්නේ ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ක්‍රමය වන අතර දෙවැනි යෝජනාවලිය ආදායම ඛෙදා ගැනීමේ ක්‍රමවේදයයි.

    ඵලදායීතාව මත පදනම් වූ වැටුප් ව්‍යුහය

    • මෙම යෝජනාවලිය මගින් දෛනිකව නෙලන තේ කිලෝ දහයක් සඳහා රුපියල් 500ක මුදලක් ( සේ.අ.අ සහ සේ.නි.භා.අ ගෙවීමෙන් අනතුරුව අතට ලැඛෙන මුදල) හිමිවනු ඇත. මෙම අගය මීට පෙර මේ හා සමානම දෛනිකව නෙලන තේ කිලෝ 10කට ගෙවන ලද රුපියල් 450ට ( සේ.අ.අ සහ සේ.නි.භා.අ ගෙවීමෙන් අනතුරුව) සාපේඬව 11% ක වැඩිවීමකි.
    • කලාපීය වැවිලි සමාගම්වල අත්දැකීම අනුව තේ කිලෝ දහයක් නෙලීම සඳහා සේවකයකුට ගත වන කාලය පැය 2ත් පැය 2.5ත් අතර වේ.
    • මේ අතර දවසේ වැඩ කරන කාලය අතරතුර තේ කිලෝ 10ට අමතරව නෙලනු ලබන සෑම තේ කිලෝවක් සඳහාම රුපියල් 23ක අමතර ගෙවීමක් සිදු කරනු ඇත.

    • මෙම ක්‍රමවේදයට අනුව දෛනිකව කිලෝ 18 බැගින් දින 25ක් තේ දළු නෙලීමෙන් රුපියල් 17,100ක මුදලක් (සේ.අ.අ සහ සේ.නි.භා.අ ගෙවීමෙන් අනතුරුව අතට ලැඛෙන මුදල) ලැඛෙනු ඇත.
    ආදායම් ඛෙදා ගැනීමේ යෝජනාවලිය

    • මෙම යෝජනාවලිය මගින් සේ.අ.අ සහ සේ.නි.භා.අ ගෙවීමෙන් අනතුරුව රුපියල් 720ක දෛනික වැටුපක් (රුපියල් 100ක් හෝ 16%ක වැටුප් වැඩිවීමක්) සතියට දින තුනක් බැගින් මාසයට දින 12ක කාලයක් සඳහා වතු සේවකයින්ට ලබා දෙයි. සතියේ වැඩ කරන ඉතිරි දින ගණන සඳහා නෙලන තේ දළු කිලෝවකට රුපියල් 35 බැගින් හිමිවනු ඇත.

    • මේ අනුව වර්තමානයේදී සේවකයකු දෛනිකව නෙලන තේ කිලෝ 18 දින 25 ක් පුරා නෙලීම මගින් (දින 12ක් දෛනික වැටුප් පදනම මතත් ඉතිරි දින 13 සඳහා කිලෝවකට රුපියල් 35 බැගින් ගෙවනු ලැබීම යන ක්‍රම දෙකට අනුව) ඉපැයිය හැකි මාසික ආදායම රුපියල් 16,830ක් (සේ.අ.අ සහ සේ.නි.භා.අ ගෙවීමෙන් අනතුරුව )වේ.