January, 4, 2018
කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීති ගෙන එන බවත් මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක වෙන බවත් සම කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රජිත සේනාරත්න මහතා පවසයි.
කළු සල්ලි සුදු කරන්න රටේ ආයෝජනය කිරීමට උත්සහ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නේදැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා අද (3) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මෙසේ සඳහන් කළේ ය.
කළු සල්ලි සුදු කිරීමට එරෙහිව වෙනම නීතියක් ගේනවා. මෙවර අයවැයේ යෝජනාවක් තිබෙනවා. සමහර රටවල් ආර්ථිකය ගොඩනගා තිබෙන්නේම කළු සල්ලිවලින්. මෙවැනි පුද්ගලයන්ට එරෙහිව පරීක්ෂණ ක්‍රියාත්මක
වෙනවා. එවැනි අය ගුවන්තොටුපලින් යැව්වා නම් වැරදියි. එවැනි අය අත් අඩංගුවට ගෙන තිබෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.
අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා- දේශීය නීතිය අනුව අවශ්‍ය කටයුතු කෙරෙනවා. නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් ගේන මුදල්වලින් පමණයි ආයෝජනය කරන්න ඉඩ ලැබෙන්නේ. මුදල් විශුද්ධිකරණයට සහයෝගය ලබාදීලා තිබෙනවා නම් වැරදියි. එසේ සිදු කර නෑ.
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා- සැලකිල්ල දක්වන්නේ නෑ කියන්න බෑ. එවැනි පුද්ගලයන් අත් අඩංගුවට ගෙන තිබෙනවා. මේ රටේ නීතියක් තිබෙනවා. හරි ව්‍යාපාරිකයා, වැරදි ව්‍යාපාරිකයා කියලා පච්ච කොටාගෙන එන්නේ නෑ.
Video Story