ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබා දීමේ තීරණයක්

    January, 20, 2021

    අපේක්ෂිත ආර්ථික පුනර්ජීවනයට සහාය දක්වමින් ආර්ථිකයේ ප්‍රධානතම අංශයක් වන ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (MSME) අංශය ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව මුදල් මණ්ඩලය අවධාරණය කරයි.

    ඒ අනුව බැංකු ප්‍රජාව සමඟ සාකච්ඡා කර ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් ප්‍රමුඛ අංශයක් වශයෙන් සලකා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කර සිටී.