ක්ෂුද්‍ර මූල්‍ය පනත ඉවතට. මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනයට ණය නියාමන අධිකාරියක්

    August, 28, 2019

    2016 අංක 6 දරන ක්ෂුද්‍ර මූල්‍ය පනතෙන් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීමේදී ඇති වූ ප්‍රායෝගික ගැටලු හේතුවෙන්, පාරිභෝගික සුරක්ෂිතතාව හා වෙළඳපොළ හැසිරවීමේ නියාමනය ඇතුළත් වන පරිදි ශ්‍රී ලංකාවේ මුදල් ණයට දීමේ ව්‍යාපාර නියාමනය හා අධීක්ෂණය කිරීම, ඉතිරි කිරීමේ තැන්පතු ලබා නොගන්නා සියලුම ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයන් ඒකීය නියාමනයක් යටතට ගැනීම සහ එම ක්ෂේත්‍රයට අදාළ සියලු දත්ත හා තොරතුරු ඒකරාශී කිරීම අරමුණු කරගෙන, වර්තමාන ක්ෂුද්‍ර මූල්‍ය පනත අවලංගු කර, මුදල් අමාත්‍යාංශය මගින් පරිපාලනය වන පරිදි නීතිමය බලය හිමි ස්වාධීන ආයතනයක් වශයෙන් 'ණය නියාමන අධිකාරිය' පාර්ලිමේන්තු පනතක් මඟින් පිහිටුවීමට මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.