ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් මිලියන 1.5 ක් දීම ගැන, අර්ජුනගේ මතය මෙන්න

    April, 8, 2014

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගතහොත් ඩොලර් මිලියන 1.5 ක මුදලක් ලබාදෙන බවට ක්‍රිකට් පරිපාලනය විසින් ගත් තීරණය 1996 ලෝක කුසලාන ජයග්‍රහණය මෙරටට ගෙනදුන් කණ්ඩායමේ නායකයා වන අර්ජුන රණතුංග මහතාගේ විවේචනයට බඳුන්ව ඇත.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් අර්ජුන රණතුංග මහතා පවසා තිබෙන්නේ මුදල් පෙන්වමින් තරග ජයග්‍රහණයන් සඳහා යොමු කිරීම පහත් ක්‍රියාවක් බවයි.

    විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පිරිනැමීමට යන මෙම මුදලේ වටිනාකම රුපියල් මිලියන 193.5 කි.