ක්‍රියාකාරී නිරෝගිමත් ජීවිතයක් උදෙසා “Fadna අරුණැල්ල”

    February, 20, 2024

    දශක දෙකකට ආසන්න කාලයක් ජාතියේ යහපැවැත්මට දායක වූ ශ්‍රී ලංකාවේ කීරතිමත් සන්නාමයක් වන Fadna සැමවිටම ශ්‍රී ලංකාවේ සමාජයික වගකීම නොපිරිහෙලා ඉටුකිරීමට බැදීසිටින දේශීය සන්නාමයක් වන අතර “Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුර එම දැක්ම යථාරතයක් බවට පෙරලමින් 48 වැනි “ Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුර 2024 පෙබරවාරි 17 වැනි සෙනසුරාදා අත්තිඩිය  ප්‍රාථමික ආදර්ශ විදයාලදේ දී සාරථකව  පවත්වන ලදී.

    “Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුර, අවශයතා ඇති අයට නොමිලයේ සෞඛ්‍ය සේවාවන් සැපයීම සඳහා දිනක් පුරා සංවිධානය කර තිබූ උත්සවයකි. මෙම කඳවුර මගින්  වෛද්‍ය උපදේශන සහ සෞඛ්‍ය පරීක්‍ෂණ වැඩමුළු රැසක් පිරිනමන ලදී.

    "සෑම දෙනෙකුටම ගුණාත්මක සෞඛ්‍ය සේවා සහ ක්‍රියාකාරී නිරෝගී දිවියක් සඳහා අවශ්‍ය  සුවතා දැනුම සඳහා ප්‍රවේශය ලැබිය යුතු බව අපි විශේවාස කරන අතර, “Fadna අරුණැල්ල” හරහා ශ්‍රී ලාංකීය සමාජයට ධනාත්මක බලපෑමක් ඇති කිරීමට අවස්ථාවක් ලැබීම ගැන අපි ආඩම්බර වෙමු." යැයි Fadna හි නිර්තමාතෘ චමේන්ද්‍ර සෝමතුංග මහතා එම අවස්ථාවේදී පැවසීය.

    “Fadna අරුණැල්ල” සෞඛ්‍ය කඳවුරේ සාරථකත්වය  සඳහා 306 A 1 මොරටුව නව හොරයිසන් සිංහ සාමාජය, අත්තිඩිය ප්‍රජා පොලිස් කමිටුව, ගල්කිස්ස ප්‍රජා පොලිස් අංශය, සිටි හෙල්ත් ආයතනය සහ ස්ටුවට් ඔප්ටික් ආයතනය සම්බන්ධ විය.

    Fadna තම සමාජයික වගකීම දිගින් දිගටම පවත්වාගෙන යාමට කැපවී සිටින අතර අනාගතයේදී තවත් සෞඛ්‍ය කඳවුරු පැවැත්වීමට සැලසුම් කරයි. එහි ව්‍යාප්තිය සහ සේවාවන් පුළුල් කිරීම මගින්, සෞඛ්‍ය සම්පන්න සහ වඩාත් ජවසම්පන්න ශ්‍රී ලංකාවක් නිර්තමාණය කරමින් අවශ්‍යතා ඇති පුද්ගලයන් සහ ප්‍රජාවන් වෙත ළඟාවීමට Fadna අරමුණු කරයි.