කාක දූපතට ලෝක බැංකුවෙන් බහුකාර්ය ගොඩනැඟිල්ලක්

    October, 17, 2018

    මට්ටක්කුලිය කාකදූපත ප්‍රදේශයේ ජීවත්වන ජනතාවගේ මහජන ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය ඉඩ පහසුකම් ලබා දීම පිණිස එහි ඉදි කර ඇති වෙරළ උද්‍යානයට යාබදව බහුකාර්ය ගොඩනැඟිල්ලක් ලෝක බැංකු ආධාර මත ඉදි කිරීමට යෝජනා වී ඇත.

    පර්චස් 65ක වපසරියකින් යුත් භූමි භාගයක වර්ග අඩි 14,500ක් පමණ ඉඩ ප්‍රමාණයක් සහිතව මෙම බහු කාර්යය ගොඩනැඟිල්ල ඉදි කිරීම පිණිස වැඩබලන මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී