කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය (WCIC) සංවිධානය කරන “ව්‍යවසායිකා සම්මාන උළෙල“ මේ වසරේදීත්

    April, 29, 2016

    ශ්‍රී ලංකාව පුරා විසිර සිටින ව්‍යවසායිකාවන් දිරිගන්වමින් ඔවුන් විසින් මෙරට ආර්ථීකය සඳහා ලබා දෙන දායකත්වය අගයනු පිණිස දෙවසරකට වරක් සංවිධානය කරනු ලබන ව්‍යවසායිකා සම්මාන උළෙල මේ වසරේ අගෝස්තු මස 5 වන දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති බව කාන්තා කර්මාන්ත හා වාණිජ මණ්ඩලය (WCIC) අද දින (27) පැවති මාධ්‍ය හමුවේදී නිවේදනය කරන ලදි. මෙම වසරේ අගෝස්තු 5 වන දින පැවැත්වෙන “2015 ව්‍යවසායිකා සම්මාන උළෙල“ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර සම්මාන උළෙල සඳහා ප්‍රධාන අනුග්‍රාහක සවිබලය ඩයලොග් සමාගම විසින් ලබා දෙයි. බ්‍රැන්ඩික්ස්, සෙලින්කෝ ලයිෆ්, එක්ස්පෝ ලංකා, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණAඩලය , ෆෙයාවේ හෝල්ඩිංග්ස් , විජය පුවත්පත් සමාගම සහ එම්.ටී.වී සහ එම්.බී.සී මාධ්‍ය ජාලය යන ආයතන සෙසු අනුග්‍රාහකයින් ලෙස මෙම අවස්ථාවට එක් වනු ඇත.

    9වන වරටත් සංවිධානය කෙරෙන මෙම සම්මාන උළෙලෙහිදී සාම්ප්‍රදායිකව ක්ෂුද්‍ර, කුඩා, මධ්‍යම සහ මහ පරිමාණයේ ව්‍යවසායිකාවන් වෙත පිරිනමන රන් රිදී ලෝකඩ සම්මානයන්ට අමතරව මෙවර සම්මාන උළෙලෙහිදී වසරේ විශිෂ්ටතම කාන්තා අපනයනකරු, විශිෂAටතම ආරම්භක ව්‍යවසායිකාව, සහ වසරේ නැගී එන තරුණ ව්‍යවසායිකාව යන කාණ්ඩ යටතේ නව සම්මාන 3ක් පිරිනැමීමට නියමිතය.

    කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය විසින් සෑම දෙවසරකට වරක් පවත්වනු ලබන ව්‍යාවසායිකා සම්මාන උළෙල ශ්‍රී ලංකාව පුරා විසිර සිටින කාන්තා ව්‍යවසායිකාවන් දිරි ගැන්වෙන සහ ඔවුනට සමාජය තුළින් ඉහළ පිළිගැනීමක් ලබා දෙන ඇගයීම් මාලාවක් ලෙස හැඳින්විය හැක. පසුගිය සම්මාන උළෙලෙහිදී සම්මානයට පාත්‍ර වූ දිරිය ව්‍යසායිකාවන් 4 දෙනෙක් විවිධ බාධක මැද තමන් ලැබූ මෙම ජයග්‍රහනයන් හා මෙම සම්මානය තම ව්‍යාපාරික දිවියට අත්වැලක් වූ ආකාරය පිළිබඳව සම්මාන රාත්‍රියේදී සම්භාවනීය ආරාධිතයින් දැනුවත් කරනු ඇත.

    කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලය 1985 දී ආරම්භ කෙරෙන අතර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායිකාවන් දිරි ගැන්වීම සහ ප්‍රධාන ධාරවේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් සඳහා මොවුන් වෙත ප්‍රවේශය ලබා දීම කාන්තා කර්මාන්ත සහ වාණිජ මණAඩලයේ ප්‍රමුඛ අභිලාශයන් වෙයි. ව්‍යවසායිකාවන්ගේ ව්‍යාපාරික කුසලතා වර්ධනය , ව්‍යාපාරික ඥාණය ලබා දීම එතෙර මෙතෙර වෙළෙඳ ප්‍රදර්ශන පැවැත්වීම ආදී ව්‍යාපාරික ක්‍රියාකාරකම් රැසකට කාන්තා කර්මාන්ත සහ වාණිජ මණAඩලය සිය දායකත්වය දක්වයි.

    කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩලයේ සභාපතිනිය වන රිෆා මුස්තෆා මහත්මිය අදහස් දක්වමින් zz තමන් නියැලී සිටින ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විවිධ අභියෝග මැද ජය ටැඹ කරා පියවර තැබූ දිරිය කාන්තාවන් සමූහයක් 9වන වරටත් ඇගයීමට ලැබීම සතුටට කරුණක්. මේ දක්වා පැවති සම්මාන උළෙලයන් තුළදී කාන්තා ව්‍යවසායිකාවන් 135 දෙනකු පමණ ඇගයීමට ලක් වූ අතර මෙම ව්‍යවසායිකාවන්ගෙන් සිදුවන සමාජ ආර්ථීක මෙහෙවර පිළිබඳව සමාජය දැනුවත් කරන්නටත් අපට හැකි වුනා. ආර්ථීක දත්තයන් දෙස බැලිමේදී ද මෙම පිරිස ඇගයීම සමාජ අවශ්‍යතාවක් බව පෙනෙන්නට තිඛෙන්නේ මෙරට ආර්ථීකය සඳහා 80්‍රක දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව අතුරින් 10%ක්ම කාන්තා ව්‍යවසායකයින් නිසයි. ඒවගේම මෙරට ජනගහනයෙන් හරි අඩකට වඩා කාන්තාවන් සිටින බැවින් ඉදිරි වසර දහය තුළ ශ්‍රී ලාංකීය ආර්ථීකයේ ගාමක ශක්තිය බවට කාන්තා ව්‍යවසායකයින් පත් වනු ඇති බව මගේ විශ්වාසයි“ යනුවෙන් පැවසුවාය.

    “2015 ව්‍යවසායිකා සම්මාන උළෙලේ සම්මාන සඳහා අයදුම්පත් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන ව්‍යවසායිකාවන් අද දින සිට ජුනි 20වන දින දක්වා ලේඛකාධිකාරී කාන්තා කර්මාන්ත සහ වාණිජ මණAඩලය නොම්මර 380/7 සරණ පාර බෞද්ධාලෝක මාවත කොළඹ 7 යන ලිපිනයෙන් හෝ කාන්තා කර්මාන්ත සහ වාණිජ මණ්ඩල (WCIC) වෙබ් පිටුවට පිවිස අයදුම්පත් ලබා ගත හැක.