කැබිනට් මණ්ඩලේ දී තෙල් ගැන සාකච්ඡා නැහැ

    April, 24, 2018

    අද (24) දින පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී යෝජිත ඉන්ධන මිල සූත්‍රය පිළිබඳ සාකච්ඡා කෙරුණේ නැති බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පවසයි.

    කැබිනට් හමුව අවසන් වී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.