කැරම් ද? ක්‍රිකට් ද?

    September, 27, 2019

    ශ්‍රී ලංකා පිලේ පකිස්තානු සංචාරයේ පළමු එක්දින තරඟය අද (27) දිවා රාත්‍රී තරඟයක් ලෙසින් තව නොබෝ වේලාවකින් ආරම්භ වීමට නියමිතය. තරඟය කරච්චි නුවර පැවැත්වේ.

    පකිස්තානයේ පවතින ආරක්ෂක වාතාවරණය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් රැසක් මෙම තරඟාවලියට සහභාගී නොවන අතර එක්දින තරඟාවලිය සඳහා එක්වන්නේ ලහිරු තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු යොවුන් ක්‍රීඩකයින් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. කෙසේ වෙතත් ඊයේ (26) පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා එක්දින නායකයා කියා සිටියේ, පකිස්තානයේ දී තම කණ්ඩායමට මේ වන විට ඉහළ ආරක්ෂාවක් ලැබී තිබෙන බවයි. එසේම කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහොමයක් වයස අවුරුදු 25ට අඩු යොවුන් ක්‍රීඩකයින් බවත්, මෙය ඔවුන්ට හොඳ අවස්ථාවක් බවත් ශ්‍රී ලංකා එක්දින නායක ලහිරු තිරිමාන්න වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    මේ අතර පෙරේදා (25) ශ්‍රී ලංකා සහ පකිස්තානු ක්‍රීඩකයින් කැරම් ක්‍රීඩාවේ යෙදෙන ඡායාරූප කිහිපයක් මේ වන විට සාමාජ මාධ්‍ය ජාලාවන් හි සංසරණය වෙමින් පවතී. මෙහි දැක්වෙන්නේ එම ඡායාරෑපවලින් කිහිපයකි.