කැල්ටෙක්ස් ලාභ 34% කින් පහළට

    July, 19, 2017

    2017 ජූනි 30 දිනෙන් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී (කැල්ටෙක්ස්) හි ලාභය රුපියල් මිලියන 525.89 ක් ලෙස වාර්තා වී තිබේ. මෙය පසුගිය වර්ෂයේ සමාලෝචිත කාලපරිච්ඡේදයේ ලාභය වූ රුපියල් මිලියන 801.96 හා සැසඳීමේ දී සියයට 34 ක පහළ යාමකි.

    මේ අතර 2017 ජූනි 30 දිනෙන් අවසන් මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී සමාගම විසින් රුපියල් බිලියන 1.35 ක ලාභයක් වාර්තා කර ඇති අතර එය පූර්ව වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදයේ ලාභ අගය වූ රුපියල් බිලියන 1.78 හා සැසඳීමේ දී සියයට 25 ක් පහළ යාමක් බව සමාගමේ නවතම මූල්‍ය වාර්තා අනාවරණය කර සිටී.

    සමාගමේ ආදායම ගෙවී ගිය මාස 06 ක කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 5.4 දක්වා සියයට 9 කින් පහළ ගොස් ඇති අතර ජූනි 30 දිනෙන් අවසන් මාස 03 ක කාලය තුළ දී සියයට 19 කින් රුපියල් බිලියන 2.28 දක්වා ආදායම පහළගොස් තිබේ.