• Ada Derana BIZ Sinhala
  • Casino
  • sri lanka

කැසිනෝ නීති බලාත්මකයි. අති විශේෂ ගැසට්ටුවක් නිකුත් කරයි. නව තරඟකරුවන්ටත් ඉඩ. 21ට අඩු අයට තහනම්

September, 15, 2022

කැසිනෝ කර්මාන්තය නීත්‍යානුකූල කිරීමට සහ නියාමනය කිරීමට මෙන්ම සුදුසුකම් ලබන නව තරඟකරුවන්ට ක්‍රියාත්මක වීම බලපත්‍ර ලබාදීම අරමුණු කරගනිමින් රජය විසින් නව නීති ගැසට් කර තිබේ. දැනට ශ්‍රී ලංකාව තුළ කැසිනෝ කර්මාන්තයේ නිරත වීම සඳහා බලපත්‍ර ඇත්තේ දෙදෙනෙකුට පමණි.

2010 අංක 17 දරන පනත යටතේ ශ්‍රී ලංකාව තුළ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා බලපත්‍ර ලබා දිය යුතු නමුත්, එකී පනතේ විධිවිධාන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නියෝග මෙතෙක් නිකුත් කර නොමැති වීම හේතුවෙන් මේ දක්වා කිසිදු කැසිනෝ ව්‍යාපාරයකට එකී පනත යටතේ බලපත්‍ර නිකුත් කර නොමැත.

එම තත්ත්වය යටතේ දැනට කැසිනෝ ව්‍යාපාරයේ නිරත ආයතන වෙතින් විධිමත් පරිදි අදාළ බදු අයකර ගැනීමට අපහසු වී තිබේ.

එබැවින්, එවැනි ව්‍යාපාර නියාමනය කිරීමට සහ රජයට අයවිය යුතු නියමිත බදු අයකර ගැනීමේ අරමුණින් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර (නියාමනය කිරීමේ) පනත යටතේ නියෝග නිකුත් කිරීමටත්, 1988 අංක 40 දරන ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු පනතට යෝග්‍ය සංශෝධන හඳුන්වා දීම සඳහාත් අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් යුතුව නව අති විශේෂ ගැසට් පත්‍රයක් 2022 අගෝස්තු 31 දින නිකුත් කර ඇත.

මෙම සම්පූර්ණ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.