කැසිනෝ පැකර්ගේ අළුත්ම පිම්ම හෙළිවෙයි

    June, 23, 2015

    ශ්‍රී ලංකාවේද කැසිනෝ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට පසුගිය කාලයේදී දැවැන්ත උත්සාහයක නිරත වූ 47 හැවිරිදි ලොව පතල කැසිනෝ ව්‍යාපාරික ජේම්ස් පැකර් ඇමරිකානු 45 හැවිරිදි පොප් ගායිකාවක වන Mariah Carey සමග පෙමින් වෙලී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    පැපරාසි මාධ්‍යවේදීන් විසින් මොවුන් දෙදෙනාගේ ආදර අන්දරය සේයාරූවට නැගීමට සමත්ව තිබෙන අතර පැකර් මීට පෙර Miranda Kerr නැමති නිරූපිකාව සමගද සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන තිබුණි.

    Mariah Carey මීට පෙර ඇමරිකානු රැප් ගායකයෙකු වන Nick Cannon සමග විවාහ වී සිට ඇති අතර ජේම්ස් පැකර්ද පෙර විවාහකයෙකි.

    ජේම්ස් පැකර්ගේ ඒකාබද්ධතාවයෙන් කොළඹ ලේක් හවුස් ඉදිරිපිට බේරේ වැවට මුහුණලා මිශ්‍ර හෝටල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු අතර එහි කැසිනෝ සූදු කටයුතු මහා පරිමාණයෙන් ඇති කරනු ඇතැයි දැඩි චෝදනාවක් එල්ලවිය.

    මේ හමුවේ නව රජය විසින් මෙම මිශ්‍ර හෝටල් ව්‍යාපෘතිවල කැසිනෝ සූදු ආරම්භ කිරීම නතර කරන ලදී.
    James