කැසිනෝ විවාද නැගෙන මේ දිනවල ජේම්ස් පැකර් ලංකාවෙද ?

    April, 25, 2014

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ වන ගැසට් පත්‍ර අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මේ දිනවල ඕස්ට්‍රේලියානු ව්‍යාපාරික ජේම්ස් පැකර් ලංකාවට පැමිණ සිටිනවා යැයි පළවන රාවයන් පිළිබඳව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයාගෙන් අප විමසා සිටියා.

    එවිට ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඒ පිළිබඳව අදහස් දැක්වූයේ මෙසේයි.

    “ඒක අමූලික බොරුවක්. මේ දිනවල ජේම්ස් පැකර් ලංකාවේ නෑ. මේවා අසත්‍ය ප්‍රචාර.“

    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ඊයේ ඉදිරිපත් කළ ගැසට් පත්‍රය වැඩි ඡන්ද 71 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර එයට පක්ෂව ඡන්ද 113 ක්ද විපක්ෂව ඡන්ද 42 ක්ද ලැබුණි.

    මෙම ඡන්ද විමසීමේදී ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියන් විපක්ෂව ඡන්දය භාවිතා කිරීම කැපී පෙනුණි.