May, 21, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත හෝටල් සමාගමක් වන කිංග්ස්බරි හොටේල් පීඑල්සී හි 2019 මාර්තු 31 න් අවසන් කාර්තුව සඳහා වන නවතම මූල්‍ය ප්‍රකාශය මේ වන විට නිකුත් කර තිබේ.
මෙම මූල්‍ය ප්‍රකාශයට අනුව 2019 මාර්තු 31 න් අවසන් කාර්තුවේ දී සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 3.84 ක් ලෙසින් වාර්තා වේ. මෙය 2018 මාර්තු 31න් අවසන් කාලපරිච්ඡේදය තුළ වාර්තා කර තිබූ රුපියල් මිලියන 39.17 ක ලාභය හා සැසඳීමේ දී 90% ක පහළ යාමකි.
මේ අතර 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂය සඳහා වන සමස්ත බදුගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 100.77 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2017/18 මූල්‍ය වර්ෂය වෙනුවෙන් වාර්තා කර තිබූ රුපියල් මිලියන 139.15 ක බදුගෙවීමෙන් පසු ලාභයට වඩා 28% ක පහළ යාමක් ලෙසින් සටහන් වී ඇත.
කිංග්ස්බරි හෝටල් සමාගමේ මූල්‍ය ප්‍රකාශන පිරික්සීමේ දී දැකිය හැකි විශේෂ තත්ත්වයක් වනුයේ 2019 මාර්තු 31 න් අවසන් මූල්‍ය කාර්තුව තුළ දී සමාගමේ බදු රුපියල් මිලියන 24.77 සිට රුපියල් මිලියන 39.35 ක් දක්වා 59% කින් ඉහළ ගොස් තිබීමයි.
එසේම 2018/19 මූල්‍ය වර්ෂය තුළ දී සමාගමේ බදු රුපියල් මිලියන 48.77 සිට රුපියල් මිලියන 72.01 ක් දක්වා 48% කින් වැඩී වී ඇත.

Video Story