කියුබාවට ඩොලර් පනස්දාහක ආධාරයක් දෙන්න මාරපනගෙන් යෝජනාවක්

    June, 26, 2019

    කියුබාවට දැඩි හානි ගෙන දෙමින් මෙම වසරේ ජනවාරි මස ඇති වූ සුළි කුණාටුව හේතුවෙන් හානියට පත්ව ඇති හවානාහි රෙග්ලා ආශ්‍රිතව පිහිටි ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරගැනීමේ සංකේතයක් ලෙසත් හා මේ වසර වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කොට හැට වසරක් පිරීම සැමරීම වෙනුවෙනුත් ඇමරිකානු ඩොලර් 50,000ක ප්‍රදානයක් සිදු කිරීම පිණිස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.