May, 3, 2019
මිනුම් විද්‍යාව, කාර්මික මිනුම් විද්‍යාව සහ නෛතික මිනුම් විද්‍යාව යන ක්ෂේත්‍ර යටතේ කාර්යයන් සිදු කරනු ලබන මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව මඟින් සපයනු ලබන සේවා වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ආකාරයෙන් සිදු කිරීමට හැකි වනු පිණිස එම දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු, බඳවා ගැනීමේ පටිපාටි, ප්‍රසම්පාදන කටයුතු සහ කිරුම් මිනුම් හා සම්බන්ධ රාජකාරි කටයුතු ප්‍රතිව්‍යූහගත කළ යුතුව ඇති බව හඳුනාගෙන තිබේ.
ඒ පිළිබඳ අධ්‍යයනය කර අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂඥ කමිටුවක් පත් කිරීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story