කිරුළපන කොළඹගේ මාවතේ නිවාස 624 ක ව්‍යාපෘතියේ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව මාගා ඉංජිනියරින් සමාගමට

    February, 21, 2020

    කොළඹ නගරයේ අඩු පහසුකම් සහිත ජනාවාසවල ජීවත් වන ජනතාවගේ නිවාස අවශ්‍යතාවන් සලසා දීම පිණිස නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

    එම ව්‍යාපෘතිය සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය පහසුකමක් ලබාගැනීමට කටයුතු කෙරෙමින් පවතී.

    එම අරමුදල්වලින් කොටසක් භාවිත කර කිරුළපන, කොළඹගේ මාවතේ පිහිටි නිවාස 624 ව්‍යාපෘතියේ ඉතිරි වැඩ කටයුතු සැලසුම් කර ඉදිකිරීමේ කටයුතු සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මාගා ඉංජිනියරින් (පෞද්ගලික) සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිස නාගරික සංවර්ධන, ජල සම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.