කිලෝමීටර 400 ක් යා හැකි අලුත්ම නිසාන් ලීෆ් කාරය ලක්ෂ 70 ක් වෙනවා

    December, 5, 2017

    2018 අයවැය සඳහා වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනාවලින් 75% ක් පමණ රජය ඉටු කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24x7 ව්‍යාපාරික කතාබහ හා එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඒකක බදු හරහා වාහන සඳහා බදු අයකිරීම සරල ක්‍රමවේදයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය.

    මේ අතර ඉලෙක්ට්‍රික් මෝටර් රථ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ බදු අඩුකිරීම්වලින් මහජනතාවට ලැබෙන ප්‍රතිලාභය යථාර්ථයක් වීමට නම් ඉලෙක්ට්‍රික් මෝටර් රථ ආනයනය කිරීමේ දී වසරක් දක්වා පැරණි වාහන ගෙන්වීමට ලබා දුන් සහනය ප්‍රමාණවත් නොවන බවත් ඉදිරියේ දී මේ සම්බන්ධ මීට අදාළ දත්ත සමඟ රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් ලංකා වාහන ආනයනකරුවන්ගේ සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

    මෙහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ අයවැයෙන් සිදුකරන ලද බදු සංශෝධනවලින් පසුව අලුත්ම නිසාන් ලීෆ් රියක් ශ්‍රී ලංකාව තුළ රුපියල් ලක්ෂ 70 ක් පමණ වන බවයි. එසේම මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 400 ක දුරක් ධාවනය කළ හැකි බව ද ඔහු පැවසීය.

    මෙම සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව පහතින් නැරඹිය හැකිය.