August, 23, 2022
කුච්චවේලී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා කෙටි තරංග සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය පවත්වාගෙන යනු ලබන ඉඩම සූර්යබල විදුලිජනක ව්‍යාපෘතියක් සඳහා යොදා ගැනීම පිණිස 2022-01-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා ව්‍යාපෘති යෝජනා කැඳවා ඇති අතර, යෝජනා 7ක් ලැබී තිබේ. එකී යෝජනා ඇගයීම සඳහා පත් කරනු ලැබ ඇති තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අදාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස යෝග්‍යතම ආයෝජකයා වශයෙන් 3W Power Management Ltd නිර්දේශ කර ඇත.
ඒ අනුව, එකී ආයෝජකයා සමඟ එක්ව යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Video Story