• Ada Derana BIZ Sinhala
  • Bileeta
  • ENTUTION ERP Solution
  • HNB
  • sri lanaka

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තාක්ෂණික වශයෙන් සහයෝගය දැක්වීමට HNB, Bileeta සමඟ අත්වැල් බැඳගනියි

June, 29, 2022

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SME) දැරිය හැකි මිලකට අති නවීන ERP (Enterprise Resource Planning - ව්‍යවසාය සම්පත් සැලසුම්කරණ) විසඳුම් ලබා දීම සඳහා මෙරට ERP ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයෙකු වන Bileeta Ltd සමඟ ඇති හවුල්කාරිත්වය පසුගියදා නැවත අලූත් කළේය.

HNB සහ Bileeta Ltd අතර ඇතිකරගත් මෙම සුවිශේෂී සහයෝගීතාවය මගින් බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට විකුණුම් සහ මූල්‍ය විගණනය, තොරතුරු පවත්වාගෙන යන ලේඛන කළමනාකරණය, ප‍්‍රසම්පාදන, සේවා කළමනාකරණය, ස්ථාවර වත්කම් කළමනාකරණය සහ නිෂ්පාදනය වැනි ඔවුන්ගේ විවිධ ව්‍යාපාරික කටයුතු විධිමත්ව කරගෙන යාමටත් දිගුකාලීන වශයෙන් කාර්යක්ෂමතාව හා ඵලදායීතාවය කළමනාකරණය කර ගැනීමටත් හැකි වේ. HNB ප‍්‍රධාන කාර්යාලයේදී පැවති විශේෂ උත්සවයකදී HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී, සංජි ද සිල්වා යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් HNB පාරිභෝගික සහ කුඩා සහ මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ”තාක්ෂණය යනු සංවිධාන මෙන්ම ලෝක ආර්ථිකයන් පවා ගොඩ නැගීමට සහ ඉහළට ඔසවා තැබීමට සමත් අත්‍යවශ්‍ය සාධකයක්. ඒ හරහා සමාගම්වලට නිසි දැනුම, විශේෂඥතාව සහ උපාය මාර්ග සමඟ අභ්‍යන්තර සහ බාහිර සම්බන්ධතා පුළුල් කරගත හැකි අතර ආදායම් සහ ව්‍යාපාරකරණය තුළ ඔවුන්ගේ ඉහළම හැකියාවන් වෙත ලගා වීමට අවශ්‍ය දායකත්වය ලබාගත හැකියි.”

”මෙය සිහිතබා ගනිමින් රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ERP පද්ධති පිළිබඳ දැනුම සහ භාවිතය සම්බන්ධයෙන් අවශ්‍ය සහයෝගය ලබා දීමට අප ෑඍඡු ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන Bileeta සමඟ එක් වුනා. ජාතික ආර්ථිකයට ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙත අන්කවරදාටත් වඩා දැන් අපගේ සහාය අවශ්‍යයි. Bileeta සමඟ ඇති කරගත් අපගේ හවුල්කාරිත්වය මූල්‍යමය වශයෙන් පිරිවැය කළමනාකරණය උදෙසා තාක්ෂණය සක‍්‍රීය කිරීම කෙරෙහි විශාල සහයෝගයක් ලබා දෙනවා. අපගේ රටේ ආර්ථිකය සවිබල ගැන්වීම වෙනුවෙන් තම නොමද දායකත්වය ලබාදෙන බිම් මට්ටමේ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අස්වැසිල්ලක් වන මෙවැනි සුවිශේෂ මුලපිරීම් ඉදිරියටත් හඳුනාගෙන ක‍්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

ඒ අනුව ENTUTION ERP Solution ලෙස නම් කර ඇති ERP වේදිකාව වෙළෙඳපොළට හඳුන්වා දීමටත් එම පද්ධතිය නිසි අයුරින් කි‍්‍රයාත්මක වන්නේ කෙසේදැයි ආදිය පිළිබඳ දැනුම ලබා දීමටත් HNB සහ Bileeta එක්ව කටයුතු කරන බව සහතික වෙයි.

මෙම හවුල්කාරිත්වය හරහා HNB හි පාරිභෝගිකයින්ට පුහුණුව සහ ඇතුල්වීමේ ගාස්තු නොමැතිව විශේෂ අඩු කළ මිලකට මෙම විසඳුම ලබා ගැනීමට ද හැකියාව ලබා දෙයි. එමෙන්ම තාක්ෂණික සහාය අවශ්‍ය SME ව්‍යවසායකයින් හඳුනා ගැනීම හා ඔවුන්ව සම්බන්ධ කරගෙන සියලූම කලාපවලට මෙම විසඳුම් හඳුන්වා දීමටත් එමගින් SME ව්‍යවසායකයින්ගේ  ප‍්‍රමිතීන් ඉහළ නැංවීමට අරමුණු කරගනිමින් බැංකුව Bileeta සමඟ එක්ව කටයුතු කරනු ඇත.

”සංවිධානවල ඉතා වේගවත් හා විප්ලවීය වර්ධනයක් තාක්ෂණය තුළින් සිදු කිරීමට හැකි බව අප දැක තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ප‍්‍රජාවට මෙවැනි බලපෑමක් ඇති කිරීමට HNB සමඟ හවුල් වීමට ලැබීම සැබවින්ම අපට ගෞරවයක්. SME ව්‍යවසායකයින්ට අන්කවරදාටත් වඩා දැන් අපගේ සහය අවශ්‍යයි. ඒ වෙනුවෙන් ERP විසඳුම් පිළිබඳ අපගේ ඇති ප‍්‍රවීණත්වය තුළින් ඔවුන්ව තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට අවශ්‍ය සහයෝගය ලබා දීමට හැකිවීම ගැන අපි නිහතමානීව ආඩම්බර වෙනවා. එමෙන්ම HNB සමඟ එක් වීම හේතුවෙන් SME ව්‍යවසායකයින්ට ඔවුන්ගේ මෙහෙයුම් බාධාවකින් තොරව කරගෙන යාමට, අතමිට සරුසාර කරගැනීමට හා ලාභ ලැබීමටත් සමස්තයක් ලෙස රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත් අපට දැන් හැකි වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට අත්වැළක් වීම උදෙසා අපට මෙම අවස්ථාව ලබා දීම ගැන අපි HNB හට ස්තූතිවන්ත වෙනවා.” යනුවෙන් Bileeta ප‍්‍රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා මහතා පැවසුවේය.

මෙම හවුල්කාරීත්වය පිළිබඳ වැඩි විස්තර 0112661771 ඔස්සේ HNB නෙත්මිණි සහ 077439960 ඔස්සේ Bileeta නෙරුෂාන් ඇමතීමෙන් ලබා ගත හැකිය.

HNB මෑතකදී පාරිභෝගික බැංකුකරණයේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛයා ලෙස නැවතත් සිය විශිෂ්ටත්වය සනිටුහන් කරමින් ඒෂියන් බෑන්කර් සඟරාව විසින් පැවැත්වූ 2022 කීර්තිමත් ජාත්‍යන්තර පාරිභෝගික මූල්‍ය සේවා සම්මාන උළෙලේදී 12 වැනි වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් අභිසෙස් ලැබීය.

බැංකුව විසින් දියත් කළ අති සාර්ථක බැංකු මූල්‍ය නිෂ්පාදනයක් වන HNB FIT, Asian Digital Finance Forum and Awards හිදී ‘විශිෂ්ටතම loT මුලපිරීම’ ලෙස ඇගයීමට ලක් විය. Asian FinTech Academy (AFTA) විසින් සත්කාරකත්වය සපයනු ලබන මෙම සම්මාන උළෙල ඩිජිටල්කරණය තුළ නවෝත්පාදනයන් හඳුන්වාදෙන සංවිධාන සහ බලපෑම්කාරී පුද්ගලයින් හඳුනාගෙන ඇගයීමට ලක් කරනු ලබයි.

ඡායාරූපය: HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට හතරවැනියා) සහ Bileeta (Pvt) LTd, ප‍්‍රධාන විධායක නිලධාරී සංජි ද සිල්වා (දකුණේ සිට හතරවැන්නා) යන මහත්වරුන් අදාල අවබෝධතා ගිවිසුම හුවමාරු කර ගනිමින්. HNB සහ Bileeta යන ආයතන නියෝජනය කරමින් පැමිණි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රැසක් ද ඡායාරූපයේ සිටී.