කුළුබඩු ආදායම වැඩි කිරීමට පියවර

    November, 23, 2017

    අපනයන ආදායම වැඩිකර ගැනීමට සැලසුම් කළ යුතු බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.

    ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (22) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය.

    රටේ ආර්ථික ඵලදායිතාවයට දැවැන්ත අත්තිවාරමක් දැමීමට හැකි වී තිබීම ගැන සතුටු වෙනවා.අද සැලසුම් කරන්න ඕන අපනයන ආදායම වැඩිකරගන්න.ගංවතුර නිසා ආහාර නිෂ්පාදනය රට තුළ අඩු වුණා. ආල් පොල් වැඩි වීමට හේතුව වුණේ, මේ දිනවල තිබෙන පෑවිල්ල නිසයි.අප අපනයන ආදායම වැඩි කළේ නත්නම් රාජපක්ෂ ආණ්ඩුවේ ණය කන්ද ගෙවා අවසන් කරන්න බෑ.අපේ අපනයන ආදායම අපේ ආර්ථිකයෙන් සියයට 50%ක් දක්වා වැඩිකරගනීම අරමුණ.

    ඇගළුම්වලට පස්සේ, කුළුබඩු කෘෂිකර්ම ආදායම පළමු තැනට ගේන්න බලපොරොත්තු වෙනවා.කුරුඳු ප්‍රමාණය රටවල් 100කට අපනයනය කළ යුතුයි. කුරුඳු සකස් කරන කර්මාන්තශල නෑ. කර්මාන්තශාලාවලට උදව් කරන්න කුරුදු සැකසුම් කරුවන් 10,000ක් පුහුණු කරල, අපේ අගයදාමය වැඩි කිරීම තුළ ආදායම වඩි කරන්න.මෙහි ඖෂධීය ගුණය,විශ්වවිද්‍යාල පහක් සමඟ එකතුවෙලා පරීක්ෂණ කරනවා. විදේශ විනිමය මේ තුළින් එකතු කරන්න බලපොරොත්තු වෙනවා යැයි ද අමත්‍යවරය පැවසී ය.