කෘතිම වැසි නවතී

    March, 26, 2019

    ඉහළ කඳුකරයේ ජලවිදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන් හි ජල මට්ටම ඉහළ නැංවීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද කෘතිම වැසි වැස්සවීමේ ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දමන්නට තීරණය කර ඇතැයි වාර්තා වේ.

    පසුගිය දින තුන පුරාවට මෙම ව්‍යාපෘතිය දියත් කෙරුණු අතර විදුලි බලාගාර ආශ්‍රිත මධ්‍ය කඳුකර ඉහළ අහසේ වළාකුළු නොමැති වීම හේතුවෙන් මෙකී ක්‍රියාන්තවිතය අතහැර දමන්නට තීරණය වී තිබේ.

    පසුගිය 22 දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 යානයක් මගින් මාවුස්සාකැලේ ජලාශයට අඩි 8,000 ක් ඉහළින් ඇති වළාකුළුවලට රසායනික ද්‍රව්‍යයක් ඉසීම තුළින්, පළමු වරට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය. එහිදී එම ප්‍රදේශයට මිනිත්තු 45 ක පමණ කාලයක් වර්ෂාව පතිත වූ බව සඳහන් වේ.

    ලංකා විදුලිබල මණ්ඩලයේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතිය දියත් කරන ලද්දේ තායිලන්ත විශේෂ ඉංජිනේරුවන් පිරිසක් විසිනි.