කෙරවලපිටියේ LNG විදුලි බලාගාරයකට ආයෝජකයෙකු සොයයි

    September, 18, 2020

    ඉදිරියේදී රට තුළ ඇති විය හැකි විදුලිබල අර්බුදයට පිළියමක් වශයෙන් කෙරවලපිටියෙහි මෙගාවොට් 300ක ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) විදුලි බලාගාරයක් ඉදි කිරීමටත්, එම විදුලි බලාගාරය ස්වාධීන බලශක්ති ව්‍යාපෘතියක් ලෙස පෞද්ගලික ආයෝජන මඟින් Built Own Operate Transfer (BOOT) ව්‍යාපාරික ක්‍රමවේදය යටතේ ඉදි කර ක්‍රියාත්මක කිරීම යෝග්‍ය බවටත් හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, වසර තුනක කාලසීමාවක් තුළ ව්‍යාපෘතිය නිම කිරීමට හැකි වන පරිදි ජාත්‍යන්තර තරගකාරි ලංසු ක්‍රියාවලිය අනුගමනය කරමින් සුදුසු ආයෝජකයෙකු හඳුනාගැනීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා විදුලිබල අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.