කොටස් ගනුදෙනු ගාස්තුවේ වෙනසක්

    February, 6, 2017

    2017 මාර්තු 15 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා අයකරනු ලබන ගාස්තුවල වෙනසක් සිදුකරනු ලබන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව නිවේදනය කර සිටී.

    මේ අනුව මෙතෙක් කලක් රුපියල් මිලියන 50 ක් දක්වා වූ සාමාන්‍ය කොටස් ගනුදෙනු ගාස්තුව සඳහා වන සීමාව රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ යනු ඇත. එහිදී රුපියල් මිලියන 100 ඉක්මවා යනු ලබන වටිනාකම සඳහා අවම කොටස් තැරැව්කාර ගාස්තුව 0.2% ක්, කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරු ගාස්තුව 0.0525% ක්, මධ්‍යම තැන්පතු ක්‍රම ගාස්තුව 0.015% ක්, සුරැකුම්පත් හා විනිමය කොමිෂං ගාස්තුව 0.045% ක් ලෙසින් සංශෝධනය වී ඇත. එහිදී කොටස් ගනුදෙනු බද්ද 0.3% සීමාවේ නොවනස්ව පවතින අතර රුපියල් මිලයන 100 ඉක්මවා යන ප්‍රමාණයට අයකරනු ලබන ගාස්තුව මේ අනුව 0.6125% ක් වේ.

    අදාළ ගාස්තු ව්‍යූහය සකස් වන ආකාරය පහත දැක්වේ.