කොටස් ගනුදෙනු මිල ගණන්වල පමාවක්

    February, 13, 2017

    තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියේ අද (13) දින ගනුදෙනු අවසානයේ දී යාවත්කාලීන කරන ලද මිල ගණන් දැක්වීම ප්‍රමාද වන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    මේ අතර හදිසි විමසීම් සඳහා 0112356518 හෝ 0112356525 අංක අමතන ලෙස කොළඹ කොටස් වෙළෙපොළ නිල වෙබ් අඩවියේ සඳහන් කර ඇත.