කොටස් තැරැව්කරුවන්ට මිලියන 100 ක් අනිවාර්යයි

    February, 6, 2017

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාත්මක කොටස් හා ණය තැරැව්කාර සමාගම් සඳහා බලපවත්වන අවම කොටස්කාර අරමුදල් ප්‍රමාණය ලබන වසරේ සිට රුපියල් මිලියන 100 ක් දක්වා ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව දැනුම් දී සිටී.

    මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ සියලූම හිමිකම් හෝ ණය සුරැකුම් ගනුදෙනු සිදුකරන කොටස් තැරැව්කරුවන් විසින් නඩත්තු කළ යුතු අවම කොටස්කාර අරමුදල් අවශ්‍යතාවය රුපියල් මිලියන 100 ක් හෝ ප්‍රකාශිත ප්‍රාග්ධනයෙන් සියයට 50 ක් විය යුතු බවයි.

    2018 ජනවාරි 01 වැනි දින සිට මෙම නියමය බලපැවැත්වෙනු ඇත.