කොටස් පිරිවැටුම බිලියනය ඉක්මවයි

    July, 18, 2017

    අද (18) දින ගනුදෙනු අවසානයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,735.04 ක් ලෙස සටහන් විය. මෙය පෙර දිනයට වඩා ඒකක 6.03 ක පහළ යාමකි. මේ අතර S&P SL20 දර්ශකය ඒකක 7.28 කින් පහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 3,874.86 ක් ලෙසින් වාර්තා විය.

    අද දින පිරිවැටුම රුපියල් බිලියන 1.25 ක් ලෙසින් වාර්තා වූ අතර මේ සඳහා රුපියල් මිලියන 868.75 ක්වූ විදේශීය මිල දී ගැනීම් ප්‍රධාන වශයෙන් දායක විය. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රුපියල් මිලියන 381.59 කි.

    දේශීය විකිණුම් රුපියල් බිලියන 1.04 ක් හා විදේශීය විකිණුම් රුපියල් මිලියන 209.86 ක් ලෙසින් වාර්තා විය.

    දිනය තුළ ගිවිසා ගනු ලැබූ ගනුදෙනු 6 ක් වාර්තා වූ අතර එහිදී හේමාස් හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් 2,666,480 ක් රු. 152.00 බැගින්, ටෝක්යෝ සිමෙන්ට් (ඡන්ද බලය අහිමි) කොටස් 3,992,485 ක් රු. 68.00 බැගින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් සමාගමේ කොටස් 1,671,000 ක් රු. 89.00 බැගින්, රිචඩ් පීරිස් සමාගමේ කොටස් 2,852,694 ක් රු. 13.00 බැගින්, ඒෂියා ඇසෙස්ට් ෆයිනෑන්ස් සමාගමේ කොටස් 17,655,745 ක් රු. 1.50 බැගින් සහ නෙස්ට්ලේ සමාගමේ කොටස් 10,070 ක් රු. 2,000.00 බැගින් ගනුදෙනු විය.