කොටස් පොළේ සිකුරාදා ගනුදෙනු මෙහෙමයි

    March, 21, 2014

    අද කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනු ඉහළ ගිය අතර හේකාබ්, ඩිස්ටිලරීස් යන සමාගම් වලින් ශුද්ධ විකිණීම් වාර්තාවීම හමුවේ සමස්තයක් ලෙස රුපියල් මිලියන 03 ක ශුද්ධ විදේශීය විකුණුම් වාර්තා විය.

    සමස්ත මිල දර්ශකය ඒකක 23.31 කින් ඉහළ ගොස් ඒකක 5,937.87 ක් වෙද්දී එස් ඇන්ඩ් පී මිලදර්ශකය ඒකක 14.11 කින් ඉහළ ගොස් ඒකක 3,246.02 ක් විය.

    දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 251.3 කි.

    අද නෙස්ලේ කොටසක් රුපියල් 41.91 කින් ඉහළ ගොස් රුපියල් 1995 ක්ද ෆින්ලේස් කලම්බො කොටසක් රුපියල් 53.40 කින් ඉහළ ගොස් රුපියල් 306 ක්ද කොමර්ෂල් බැංකු කොටසක් රුපියල් 2.20 කින් ඉහළ ගොස් රුපියල් 119.90 ක්ද විය.

    මේ අතර, ලංකා දුම්කොළ සමාගමේ කොටසක් රුපියල් 9.90 කින් පහළ ගොස් රුපියල් 1090 ක්වූ අතර කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆයිනෑන්ස් කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 3.80 ක් විය.

    අද සෙලාන් මර්චන්ට් බැංකුවේ කොටස් මිලියන 2.9 ක්ද ශ්‍රී ලකා කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගමේ කොටස් මිලියන 1.9 ක්ද බ්ලූ ඩයමන්ඩ් කොටස් මිලියන 3.4 ක්ද ගනුදෙනු වී තිබේ.

    විදේශීය ආයෝජකයින් අද රුපියල් මිලියන 28 ක් වටිනා කොටස් මිලදී ගත් අතර රුපියල් මිලියන 31 ක් වටිනා කොටස් විකුණා දැමීය.