October, 11, 2017
ඊයේ (10) දිනයේ දී HVA Foods PLC සමාගමේ කොටස් මිල කැපී පෙනෙන ලෙස ලෙස ඉහළ යාම සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික සබඳතා අංශය විසින් HVA Foods PLC වෙතින් කරුණු විමසීමක් කර තිබේ.
ඊයේ දිනය තුළ රු. 6.20 සිට රු. 8.10 දක්වා HVA Foods PLC කොටස් මිල වැඩි වී තිබිණි.
මේ සම්බන්ධයෙන් ප්රතිචාර දක්වමින් එහි සභාපති රොහාන් ප්රනාන්දු මහතා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ, ගනුදෙනු වෙළෙඳපොළ ආවේක්ෂණ හා ආයතනික සබඳතා අංශයේ ප්රධානී නිලූපා පෙරේරා මෙනවිය වෙත දන්වා යවා ඇත්තේ, සමාගම සම්බන්ධයෙන් අනාවරණය නොකළ මිල සංවේදී තොරතුරු කිසිවක් නොමැති බවයි. තවද සමාගමේ කොටස් මිල ඉහළ යාමට සම්බන්ධ සාධාරණ හේතුවක් අනාවරණය වුවහොත් ඒ බව වහාම දැන්වීමට වගබලා ගන්නා බවද HVA Foods PLC සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් දන්වා සිටී.
පසුගිය වකවානුව පුරාවට ලෝක වෙළෙඳපොළේ තේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට වැවිල් සමාගම් ගණනාවක ද කොටස් මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යනු දැක ගත හැකිවිය. එසේම තේ කර්මාන්තයේ නිරත අනෙකුත් ලැයිස්තුගත සමාගම්වල ද කොටස් මිල ගණන්වල වැඩි වීමක් මීට සමගාමීව දැකිය හැකි විය.
HVA Foods PLC යනු අගය එකතු කළ තේ අපනයනයේ නිරත මෙරට ප්රමුඛ පෙළේ සමාගමකි.
Video Story