කොටස් වෙළෙඳපොළෙන් අද සුපිරි ශතක දෙකක් – ASPI 122කින් සහ  S&P SL20 125කින් ඉහළට

    July, 29, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද දිනයේ දී දැවැන්ත ඉහළ යාමක් වාර්තා කළේය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 122.31 කින් හා S&P SL20 දර්ශකය ඒකක 125.34 කින් ඉහළ යන ලදී.

    මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,995.20 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපෙක්ෂව 2.08% ක ඉහළ යාමක් ලෙසින් සටහන් වේ. මේ අතර S&P SL20 දර්ශකය 4.28% ක වර්ධනයක් වාර්තා කරමින් දිනය අවසානයේ දී ඒකක 3,050.82ක් ලෙසින් සටහන් විය.

    මේ අතර රුපියල් බිලියන 1.81 ක පිරිවැටුමක් අද දින ගනුදෙනු තුළින් වාර්තා විය.