කොටස් වෙළෙඳපොළෙන් අර්ධ ශතකයක්

    April, 4, 2019

    කලකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපී පෙනෙන ඉහළ යාමක් අද (04) දින වාර්තා විය.

    මෙහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 56.06 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 1% ක වර්ධනයක් ලෙසින් වාර්තා වේ. මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,653.43 ක් ලෙසින් සටහන් විය.

    මේ අතර අද දින සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 563.59 ක් ලෙසින් වාර්තා වුණි. මෙහිදී රුපියල් මිලියන 399.75 ක් විදේශීය විකුණුම් ලෙසත්, රු. මිලියන 142.27 ක් විදේශීය ගැණුම් ලෙසත් දක්නට විය.

    වසරේ මේ දක්වා කාලය තුළ සාමාන්‍ය දෛනික පිරිවැටුම රුපියල් මිලියන 640 ක් ලෙසින් වාර්තා වේ.

    කෙසේ වෙතත් අද (04) දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොටස් වෙළෙඳපොළ කාර්යසාධනය සැලකීමේ දී 2019 වසර තුළ සියලු කොටස් මිල දර්ශකය 6.59% කින් පහළ ගොස් තිබේ.