කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

    August, 10, 2022

    අද (10) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 200 ක් ඉක්මවූ අගයයකින් ඉහළ යන ලදී.

    මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 206.17 කින් ඉහළ ගොස් ඒකක 8,706.17 ක් ලෙසින් වාර්තා විය. එය පෙර දිනය හා සැසඳීමේ දී 2.43% ක වර්ධනයකි.

    රු. බිලියන 4.5 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා වූ අතර එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. බිලියන 1.34 ක්, ලංකා IOC රු. මිලියන 614.45 ක්, මෙල්ස්ටාකෝප් රු. මිලියන 230.62 ක්, හේලීස් රු. මිලියන 210.66 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 207.35 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.