කොටස් වෙළෙඳපොළේ ආයෝජනයේ දී දේශපාලන සබඳතා අනාවරණය අනිවාර්යයි

    July, 10, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම සඳහා මධ්‍යම තැන්පතු ගිණුම් (CDS) විවෘත කිරීමේ දී ආයෝජකයින්ගේ දේශපාලන සම්බන්ධතාවයන් පිළිබඳ විමසීමට මේ වන විට පියවර ගෙන තිබේ. මධ්‍යම තැන්පතු ගිණුම් විවෘත කිරීම කොටස් තැරැව්කාර සමාගම් විසින් සිදුකරනු ලබන අතර අදාළ අයදුම් පත්‍රයේ KYC (KNOW YOUR CURTOMER) කොටසින් මීට අදාළ විමසීම් සිදුකරනු ලැබේ.

    ඊට අනුව රජයේ හෝ ආණ්ඩුවේ නායකයන්, ජ්‍යෙෂ්ඨ දේශපාඥයන්, රාජ්‍ය අධිකරණ හෝ යුද සේවයේ ජෙයෂ්ඨ නිලධරයන්, රජයට අයිති සංස්ථාවල ජ්‍යෙෂ්ඨ විදායක නිලධරයන්, වැදගත් දේශපාලන පක්ෂයක නිලධරයන් ද යන වග යනා දී තොරතුරු අනාවරණය කළ යුතුවේ.

    මීට අමතරව ආයෝජකයා පෙළපතින් හෝ විවාහයෙන් හෝ ඊට සමාන (සිවිල්) හවුල්කාරත්වයකින් හෝ දේශපාලනයට මැදිහත්වන තැනැත්තෙකු සමඟ සම්බන්ධවන තැනැත්තන් ද යන වග මෙහිදී විමසා තිබේ.

    මධ්‍යම තැන්පතු ගිණුම් (CDS) විවෘත කිරීමේ අයදුම්පත්‍රයක අදාළ කොටසෙහි උපුටනයක් පහත දැක්වේ.