• Ada Derana BIZ Sinhala
  • cse
  • extended
  • sri lanka
  • stock market
  • trading period

කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු කාලය අද සිට දීර්ඝ වෙන්නේ මෙහෙමයි

September, 15, 2022

කොළඹ කොටස් හුවමාරුවේ (CSE) අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) සහ කොටස් තැරැව්කාර සමාගම් හි උපදෙස් ඇතිව පහත දක්වා ඇති පරිදි අද (2022 සැප්තැම්බර් 15 වැනි බ්‍රහස්පතින්දා) සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කාලය දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

පූර්ව වෙන්දේසි සැසිය - පෙරවරු 09.30 සිට පෙරවරු 10.00 දක්වා

විවෘත වෙන්දේසිය - පෙරවරු 10.00

දෛනික ගනුදෙනු - පෙරවරු 10.00 ට ආරම්භ වේ.

ගනුදෙනු අවසානය - පස්වරු 12.30

මේ අනුව මෙතෙක් පෙරවරු 10.30 සිට පස්වරු 12.30 දක්වා පැය 2ක කාලයක්ව තිබූ කොටස් වෙළෙඳපොළ නිත්‍ය ගනුදෙනු සැසිය අද සිට පෙරවරු 10.00 සිට පස්වරු 12.30 දක්වා පැය 2 1/2 ක් දක්වා කාලයකට දීර්ඝ වනු ඇත.