February, 13, 2023
අද (13) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් වාර්තා විය.
සියලු කොටස් මිල දර්ශකය ඒකක 147.76 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 61.06 කින් දිනය තුළ දී පහළ යන ලදී.
ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,790.72 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,695.36 ක් ලෙසින් සටහන්ව තිබුණි.
අද දින රු. බිලියන 1.26 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, සෙංකඩගල ෆිනෑන්ස්, කොමර්ෂල් බැංකුව, ඩයලොග් ආසියාටා සහ වැලිබල් වන් යන සමාගම්වල කොටස් මිල ගණන් පහළ යාම, සියලු කොටස් මිල දර්ශකයේ හැසිරීමට මුලික වශයෙන් සෘණාත්මකව බලපා තිබුණි.

Video Story