කොටස් වෙළෙඳපොළේ පසුබැස්මක්

    December, 10, 2019

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 43.43 කින් පහළ ගොස් ඒකක 6,060.20 ක් ලෙසින් සටහන් විය. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.71%ක පහළ යාමකි.

    අද දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 573.44 ක් ලෙසින් වාර්තා විය. මෙය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ සාමාන්‍ය දෛනික ගනුදෙනු පිරිවැටුම වූ රුපියල් මිලියන 726 ට වඩා පහළ අගයයකි. දිනය තුළ දේශීය මිල දී ගැනීම් රු. මිලියන 429.62 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 213.44 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 143.82 ක් හා විදේශීය විකිණුම් 356.99 ක් ලෙසින් සටහන් විය.

    වසරේ මේ දක්වා කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය වසර ආරම්භයට සාපේක්ෂව 0.13% ක වර්ධනයක් වාර්තා කර තිබේ.