කොටස් වෙළෙඳපොළ අද නැත

    May, 11, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද (11) දිනයේ දී ගනුදෙනු සඳහා විවෘත නොකෙරෙන බව එහි බලධාරීන් විසින් නිවේදනය කර සිටී.

    රට තුළ පවත්නා ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් අද දිනය තුළ ද, සාමාන්‍ය බැංකු ගනුදෙනු සඳහා සිය ශාඛා විවෘත ‌නොකෙරන බව මෙරට වානිජ බැංකු විසින් ප්‍රකාශයට පත් කර තිබීම කරණ ‌කොට ගෙන මෙම තීරණය ගැනීමට කොළඹ කොටස් වෙළෙඳපොළ කටයුුුතු කර ඇත.

    දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීති තත්ත්වය හේතුවෙන් ඊයේ (10) දිනයේ දීද කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු සඳහා විවෘත වූයේ නැත.