December, 30, 2025
කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි කැපීපනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය.
එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 313.56කින් ඉහළ ගොස් දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 22,445.89ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 73.56කින් ඉහළ ගොස් ගනුදෙනු අවසානයේ දී ඒකක 6,111.35ක් ලෙසින් වාර්තා වුණි.
රු. බිලියන 3.42 ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා වී තිබේ. එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.36ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.33ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 59ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 96ක් ලෙසින් වාර්තා වී තිබුණි.
Video Story