කොටස් වෙළෙඳපොළ අද (17) වැසෙයි

    March, 17, 2020

    අද (17) දින සිට දින තුනක කාලයක් විශේෂ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා රජය විසින් ගෙන ඇති තීරණය අනුව අද, එනම් 2020 මාර්තු 17 දින කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශ කිරීමට තිරණය කර ඇත.

    කොළඹ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර ආයතන වෙත මේ බව දැනුම් දෙමින් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නියාමන නිලධාරී රේණුක විජේවර්ධන කියා සිටින්නේ කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මහජන ඒකරාශී වීම් අවම කිරීම හා වෙළෙඳපොළ සහභාගකයින්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.