කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ වසර 4 ක් තුළ අඩුම දෛනික ගනුදෙනු පිරිවැටුම අදයි

    April, 16, 2018

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම අද (16) දිනය අවසානයේ දී රුපියල් මිලියන 101.94 ක් ලෙසින් වාර්තා විය.

    මෙය පසුගිය වසර 4 ක කාලය තුළ වාර්තා වුණු අඩුම දෛනික පිරිවැටුම් මට්ටම ලෙස වාර්තා වේ.

    2014 මාර්තු 17 දින ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 90.93 ක් ලෙසින් සටහන් වූ අතර ඉන් පසු වාර්තා වූ අවම දෛනික පිරිවැටුම මෙයයි.

    2018 වසරේ මේ දක්වා කාලය තුළ දෛනික සාමාන්‍ය පිරිවැටුම (Average Daily Turnover) රුපියල් බිලියන 1.2 ක් ලෙසින් වාර්තා වේ.

    2014 මාර්තු 17              රු.මි. 90.93

    2018 අප්‍රේල් 16             රු.මි. 101.94

    2016 නොවැම්බර් 25     රු.මි. 110.52

    2016 දෙසැම්බර් 27       රු.මි. 111.66

    2016 නොවැම්බර් 11     රු.මි. 112.43

    2016 දෙසැම්බර් 22       රු.මි. 114.51

    2017 දෙසැම්බර් 22       රු.මි. 115.14

    2016 දෙසැම්බර් 23       රු.මි. 125.12

    2017 පෙබරවාරි 02        රු.මි. 132.46