කොටස් වෙළෙඳපොළ ඉහළට – සියලු කොටස් 1.04%කින් S&P SL20 3.38%කින් වැඩිවෙයි

    May, 15, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව තෙවන දිනයටත් අද (15) දිනයේ දී ඉහළ යමින් ඒකක 45.5 ක හෙවත් 1.04% ක වර්ධනයක් වාර්තා කරනු ලැබීය. මේ අතර S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව ඒකක 57.76 ක්, එනම් 3.38% ක ඉහළ යාමක් අද දින වාර්තා කරන ලදී.

    මේ අනුව දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 4,439.04 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 1,764.78 ක් ලෙසත් සටහන් විය.

    දිනය තුළ වාර්තා වූ සමස්ත ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 1.27 කි.