කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

    July, 13, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (13) පෙරවරු 11.00 ට ආරම්භ වුවත් පෙරවරු 11.02 ට ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පූර්ව දිනයට සාපේක්ෂව 5%ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යෑම මීට හේතුවයි.

    පෙරවරු 11.32 ට ගනුදෙනු සඳහා කොළඹ කොටස් වෙළෙඳපොළ යළි විවෘත වීමට නියමිතය.

    ගනුදෙනු අත්හිටුවන ලද අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 131.28 (2.63%) කින් හා S&P SL20 දර්ශකය ඒකක 108.36 (5.06%) කින් පහළ ගොස් තිබුණු අතර ඒ වන විට රු. මිලියන 379.84 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණ.