කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සතියේ දෙවන දිනයටත් අත්හිටුවයි

    March, 12, 2020

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද පෙරවරු 11.44ට අත්හිටුවනු ලැබීය. මෙම සතිය තුළ දෛනික ගනුදෙනු අත්හිටුවනු ලැබූ දෙවන අවස්ථාව මෙයයි. මීට පෙර පසුගිය අඟහරුවාදා (11) දිනයේ ද මෙලෙස ගනුදෙනු අත්හිටුවනු ලැබීය.

    S&P SL20 දර්ශකය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක් ඉක්ම වූ ප්‍රමාණයකින් පහළ යාම හේතුවෙන් මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවා තිබේ.

    එම අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 196.13 කින් හා S&P SL20 දර්ශකය ඒකක 121.48 කින් පහළ ගොස් තිබුණු අතර එය පිළිවෙලින් ඊයේ දිනට සාපේක්ෂව 3.77%ක හා 5.05% ක කඩා වැටීමක් වේ.

    පස්වරු 12.14 ට කොටස් වෙළෙඳපොළ සාමාන්‍ය ගනුදෙනු යළි ඇරඹීමට නියමිතය.