March, 12, 2019
කොළඹ කොටස් වෙළෙඳපොළේ ආන්දෝලනාත්මක ආයෝජක චරිතයක් වන නිමල් පෙරේරා මහතා, පසුගිය මාර්තු 06 දින සිට ට්විටර් ගිණුමෙහි සටහනක් තබමින්, වර්තමාන කොටස් වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය පිළිබඳ සිය නොසතුට පළ කර තිබේ.
එහිදී ඔහු කියා සිටින්නේ පස්වරු 12.15 වන විටත් කොටස් වෙළෙඳපොළ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 29 ක් පමණක් බවත්, ඒ අතර කොටස් වෙළෙඳපොළ හරහා ප්රාග්ධනය සම්පාදනය කර ගැනීමට පුවත්පත්වල දැන්වීම් පළ කර ඇති බවත්ය. මිල පහළ හෙළීමකින් තොරව කිසිදු කොටසක් අලෙවි කිරීම ඉතා අපහසු කටයුත්තක් බවත් පසුගිය වසර 4 තුළ සමාගම් කොපමණ ගණනක් මූලික කොටස් නිකුතු සිදුකර ඇති ද යන්නත් ඔහු මෙහිදී විමසා සිටී.
පහත දැක්වෙන්නේ එම ට්විටර් පණිවුඩයයි.
Turnover @CSE at 12.15 pm is only RS 29 Million and advertising for companies to raise capital using CSE. Hard to sell any share without bringing the price down. How many IPOs done for last 4 years@CSE_Media pic.twitter.com/u60zOXqvDE
— Nimal perera (@nimalhperera) 6 March 2019
මේ අතර අද (12) දින මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. මිලියන 260.94 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර ඒ වන විටත් සියලු කොටස් මිල දර්ශකය පෙර දිනයට වඩා ඒකක 26 කින් පහළ ගොස් තිබුණි.

මේ වන විට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,600 සීමාවට පැමිණ ඇති අතර එය පසුගිය වසර 5 ½ ක් තුළ වාර්තා වූ අවම අගය ලෙසින් සටහන් වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාවන්ට අනුව 2019 වසරේ මේ දක්වා කාලය තුළ සියලු කොටස් මිල දර්ශකය (ASPI) 6.15% කින් හා S&P SL20 දර්ශකය 10.11% කින් පහළ ගොස් ඇත.
Video Story