“කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට”- ආයෝජක සම්මන්ත්‍රණය පෙබරවාරි 24 වනදා පානදුරේ දී

    February, 19, 2018

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි වර්තමාන ප්‍රතිලාභයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ‘කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුර Jie Jie Beach by Jetwing, හෝටලයේදී පෙබරවාරි 24 වන සෙනසුරාදා පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට නියමිතය. සිංහල මාධ්‍යයෙන් සහ අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම වැඩසටහනට සහභාගී වීම තුලින් වර්ධනය වන වෙළෙඳපොළක ප්‍රතිලාභයන් ළඟා කරගැනීම පිළිබදව මනා අවබෝධයක් ලබාගත හැක.

    නවකයන් හට ආයෝජන ඇරඹීම පිළිබඳව සවිස්තරාත්මක තොරතුරු දැනගැනීමටත්, කොටස් වෙළෙඳපොළෙහි වත්මන් ආයෝජකයින් හට වෙළෙඳපොළ තත්වය වටහා ගැනීමටත් මෙය අනගි අවස්ථාවක් වනු ඇත. මෙදින කොටස් තැරව්කාර සමාගම් හා ඒකක භාර ආයතන නිලධාරීන් හා උපදේශකයින් හමුවීමෙන් එසැනින් ආයෝජනය සඳහා ප්‍රවේශය ලබාගැනීමත් කළ හැක.

    ලාංකිය කොටස් වෙළෙඳපොළ සහ ප්‍රාග්ධන වෙළෙඳපොළ පිළිබඳව අත්දැකිම් බහුල වෘත්තීකයන් වන සිදත් කල්‍යාණරත්න මහතා සහ ප්‍රභාෂ් වනිගතුංග මහතා යන විද්වතුන් මෙම සමුළුවේදී දේශන පැවැත්වීමට නියමිතය.

    වැඩි විස්තර සහ ලියාපදිංචි වීම සඳහා අමතන්න , 0112 356517 / 514 / 512