කොටස් වෙළෙඳපොළ යළි නැගිටියි

    December, 2, 2025

    ඊයේ (01) දිනයේ දී දැවැන්ත කඩාවැටීමකින් පසු කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකයේ කැපීපෙනෙන වර්ධනයක් අද (02) දිනයේ දී දැකගත හැකි විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 219.51ක වර්ධනයක් දිනය තුළ අත්පත් කර ගැනීමට සමත් වූ අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි අගය ඒකක 22,241.57ක් ලෙසින් සටහන්ව තිබුණි.

    මේ අතර S&P SL20 දර්ශකය ඒකක 51.92කින් ඉහළ ගොස් අද දිනයේ ගනුදෙනු අවසානයේ දී ඒකක 6,137.79ක් ලෙසින් සටහන්ව තිබුණි.

    අද දින රු. බිලියන 4 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

    Video Story

    Stock Market

    Exchange Rates