March, 22, 2020
කොළඹ කොටස් වෙළෙඳපොළ හෙට (23) සහ අනිද්දා (24) දෙදින තුළ, දෛනික ගනුදෙනු සඳහා විවෘත නොකිරීමට එහි බලධාරීන් තීරණය කර තිබේ.
කොළඹ, ගම්පහ සහ පුත්තලම දිස්ත්රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය මාර්තු 24 දින දක්වා දීර්ඝ කිරීම හේතුවෙන් මෙම පියවර ගැනීමට කටයුතු කළ බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන නියාමන නිලධාරී රේණුක විජයවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටී.
මේ අනුව 2020 මාර්තු 23 සහ 24 දෙදින කොළඹ කොටස් වෙළෙඳපොළ නිවාඩු දින වේ.
Video Story