March, 15, 2020
ශ්‍රී ලංකා රජය විසින් හෙට (16) දිනය රජයේ, බැංකු සහ වෙළෙඳ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. එබැවින් හෙට (16) දිනය කොළඹ කොටස් වෙළෙඳපොළට ද නිවාඩු දිනයක් ලෙසින් නම් කර ඇත.
මේ වන විට ගෝලීය වසංගත තත්ත්වයක් දක්වා උත්සන්න වී ඇති කොරෝනා වෛරස වසංගතය හමුවේ ගෝලීය ආර්ථිකය දැඩි කඩා වැටීමකට ලක්ව ඇත. මේ හේතුවෙන් ලෝකයේ ප්‍රධාන පෙළේ කොටස් වෙළෙඳපොළ ගණනාවක් පසුගිය දින කිහිපය තුළ කඩා වැටුණු අතර කොළඹ කොටස් වෙළෙඳපොළ මෑත ඉතිහාසයේ දැවැන්තම කඩා වැටීමට ද පසුගිය සතියේ වාර්තා විය.
ගෙවී ගිය සතිය තුළ දී පමණක් කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය පෙර සතියට සාපේක්ෂව 8.76% ක පහළ යාමක් වාර්තා කළ අතර 2020 මේ දක්වා කාලය තුළ කොටස් වෙළෙඳපොළ 20.47% කින් පහළ ගොස් ඇත.
මිල දර්ශක පහළ යාම හේතුවෙන් පසුගිය සතිය තුළ අවස්ථා තුනක දී දෛනික සාමාන්‍ය ගනුදෙනු තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගැණුනි.
Video Story